පුරාවිද්‍යා ක්ෂේත්රයට නව මානයක් පෙන්වමින් සීගිරියට සමාන උද්‍යාන සංකීර්ණයක් මෙන්ම මාර්ග පද්ධතියක් පොළොන්නරුව ඇතුල් නගරයේ පොළොව අභ්‍යන්තරයේ පවතින බව අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ, පොළොන්නරුව නාගරීකරණය පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් ලයිඩා තාක්ෂණය උපයෝගී කර ගනිමින් කරන සමීක්ෂණයකින්.
දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් පුරාවිද්‍යා වටිනාකමින් අනූන පොළොන්නරුව රජ සමයේදී නාගරීකරණය වූ ආකාරය පිළිබඳ සමීක්ෂණයේ පළමු අදියර පොළොව විනිවිද පෙනෙන රේඩාර් යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් ඉකුත් මාර්තු මාසයේදී ආරම්භ කෙරුණා.
එහිදී පොළොන්නරුවේ ඇතුල් නගරයේ පරාක්‍රමබාහු මාළිගය, සභා ශාලාව පිටුපස සහ උතුරු දොරටුව පිහිටි හිස් භූමිය ආශ්‍රිතව කෙරුණු සමීක්ෂණයේදී සාක්ෂි අනාවරණ වූයේ, එම පොළොව අභ්‍යන්තරයේ ගඩොල් ප්‍රාකාර සහ පොකුණු වැනි දේ පිහිටා ඇති බවටයි.
එම සමීක්ෂණයේ දෙවැනි අදියර කැලණිය විශ්වවිද්‍යාලය, ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ දායකත්වයෙන් දියත් කර තිබෙනවා.
එහිදී ලයිඩා තාක්ෂණය හෙවත් ඩ්‍රෝන යානා උපයෝගී කරගෙන එම භූමි අභ්‍යන්තරයේ කළ පරීක්ෂා කිරීම්වලදී පොළොන්නරුවේ ඇතුල් නගරය පිළිබඳ නව පුරාවිද්‍යා මානයක් ලැබී තිබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ සීගිරියට සමාන ආකෘතියක් සහිත පොකුණු 04ක් පමණ සහිත උද්‍යාන සංකීර්ණයක්, ඒ සම්බන්ධ අඩිපාර සහ අනෙකුත් මාර්ගවල අවශේෂ එම පොළොව අභ්‍යන්තරයේ ඇති බවට අනාවරණ වීමත් සමගයි.
කැලණිය විශ්වවිද්‍යාලය එමෙන්ම මෙම භූමිය අභ්‍යන්තරයේ තිබී චීන කාසි, චීන මැටි බඳුන්, රත්‍රං හා මයිකා අඩංගු කැබලි කිහිපයක් ද හමු වූ අතර, පුරා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එමඟින් රජවරු ජාත්‍යන්තර වෙළෙඳාමේ නිතර වූ බව තවදුරටත් සනාථ වන බවයි.
කැලණිය විශ්වවිද්‍යාලය මෙලෙස පොළොන්නරුව ඇතුල් නුවරින් හමු වූ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ද්‍රව්‍යවල නියැදි ලබාගෙන ඒවා කාල නිර්ණය සඳහා යොමු කෙරෙන අතර එමගින් රජ සමය පිළිබඳ තවත් වැදගත් සාක්ෂි අනාවරණ වනු ඇති.

