අදත් තද සුළං

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 50ක පමණ තද සුළං තත්වයක් අපේක්ෂා කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා හම්බන්තොට සිට වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලුවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.