සජබ ආණ්ඩුවක් යටතේ නව බදු සූත්‍රයක්

පවතින බදු සූත්‍රය වෙනස්කර නව බදු සූත්‍රයක් මෙරට වෘත්තිකයින් ඇතුළු සියලු‍දෙනා සඳහා ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ විපක්ෂ නායක කාර්යාලයේ අද (01) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

සෞඛ්‍ය ක්ෂේත්‍රය රටේ මූලික අයිතියක් බවට පත් කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ද ගෙන එන බව ඔහු පවසනවා.

මේ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ තම ගැටලු සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා දැනුවත් කළ බවයි