ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම කල් දමා තිබෙනවා.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලබන සතිය තුළ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට පසුගිය සඳුදා දිනයේදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කරනු ලැබීය.
දින දෙකක් තුළ අපේක්ෂකයා කවුරුන් ද යන්න ප්‍රකාශට පත්කරන බව එහිදි සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගනු ලැබු තීරණයත් සමග එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව මේ වන විට ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් ලබන සතිය තුළ ඒ පිළිබඳව ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

