2024 වසරේ පළමු කාර්තුවේ ලොව හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර තිබෙනවා.
නැව් කර්මාන්තය සම්බන්ධයෙන් ප්රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්රකාශනයක් වන Alphaliner විසින් මේ බව ප්‍රකාශ කොට තිබෙන බවයි ඔහු පැවසුවේ.
‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මේ බව පැවසුවා.
මේ අනූව 2024 වසරේදී කොළඹ වරාය 23.6%ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කොට මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා.
තවද වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබා ඇති බව සදහන්.
එම ප්‍රගතිය අත්පත් කර ගැනීමේදී පසුගිය කාලය තුළ පැවති විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිදු බාධාවක් නොවූ බවයි අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ.

