සති 03ක් තුළ සංචාරකයින් 120,000ක්

මේ මස ගතවූ සති 03 තුළ සංචාරකයින් 127,925කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 30,442ක් වෙයි.

ඊට අමතරව බ්‍රිතාන්‍ය, චීන, ජර්මනි, නෙදර්ලන්තය වැනි රටවලින් ද සංචාරකයින් දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 11 ලක්ෂ 38,174 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.