උතුරු කොරියාවේ කුණු බැලුමක් දකුණු කොරියානු අගනුවරට වැටෙයි

කසළ සහිත උතුරු කොරියාවේ බැලූන් කිහිපයක් යළිත් වතාවක් දකුණු කොරියාවේ සෝල් හි ජනාධිපති සංකීර්ණ ක්‍රීඩාංගණයට ගසාගෙනවිත් තිබෙනවා.

දකුණු කොරියාවේ රසායනික, ජීව විද්‍යාත්මක සහ විකිරණ (යුද) ප්‍රතිචාර කණ්ඩායම විසින් ආරක්ෂිතව මෙම කුණු බැලූන් එකතු කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒවා පරීක්ෂණයට යොමු කර ඇති අතර ඒවායේ කිසිදු අනතුරුදායක ද්‍රව්‍යක් අන්තර්ගත වී නොමැති බව තහවුරු වී ඇත.

කසළ බැලූන් ගොඩබසින විට ජනාධිපති යූන් සුක් යෙයෝල් පරිශ්‍රයේ සිටියේදැයි දකුණු කොරියානු බලධාරීන් සඳහන් කර නොමැත.