දකුණු කොරියාවෙන් සමලිංගිකයන්ට සුබ ආරංචියක්

දකුණු කොරියාවේ ජාතික සෞඛ්‍ය රක්‍ෂණ සේවය (NHIS) විසින් සමලිංගික යුවලකට සෞඛ්‍ය රක්ෂණයක් සඳහා තම සහකරු/සහකාරියව යැපෙන්නන් ලෙස ලියාපදිංචි කිරීමට අවසර දෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුමැතිය ලැබී තිබෙනවා.

දකුණු කොරියානු අධිකරණයක් සමලිංගික යුවළකගේ අයිතිවාසිකම් පිළිගත් පළමු අවස්ථාව මෙය වන බවයි සඳහන් වෙන්නේ.

දකුණු කොරියාවේ සමානාත්මතාවය සහ මානව හිමිකම් සඳහා වූ ඓතිහාසික ජයග්‍රහණයක් යනුවෙන් මෙම පියවර Amnesty International සංවිධානය නම් කර තිබෙනවා.