වෙස්සගිරිය ඉසුරුමුණියේ කොටසක් වෙයි

අනුරාධපුරයේ “වෙස්සගිරිය” වත්මන් ඉසුරුමුණියේ කොටසක් බවට සාක්ෂි ලැබී තිබෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මෙන්ඩිස් පවසනවා.

වෙස්සගිරිය “උරුම උද්‍යානයක්” ලෙස සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා පැවති උත්සවයේදී ඔහු මේ බව පැවසුවා.

වෙස්සගිරිය ඉසුරුමුණියේම කොටසක් බවට කරන ලද කැණීම්වලදී ශිලා ලේඛන අනූව සනාත වී තිබෙන බවත් ඒ බව පිළිගැනීමට අවශ්‍ය සාධක ලෙස නෂ්ටාවශේෂ සාක්ෂි දරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසුවේ.

වෙස්සගිරිය පුදබිමේ සංරක්ෂණ කටයුතු සිදුකිරීමට සමගාමීව එම ස්ථානයේ තොරතුරු මධ්‍යස්ථානයක් සහ සංචාරක කර්මාන්තයට ගැලපෙන ලෙසින් භූමිය සකස් කිරීම සිදු කෙරෙනවා.