නවසීලන්ත මුහුදු වෙරළෙන් හමුවුණු දුර්ලභ තල්මස් සිරුර

මේ මස මුලදී නවසීලන්තයේ දකුණු දූපතේ ඔටාගෝ පළාතේ තායාරි ගං මෝය අසලට මියගොස් සිටි තල්මසෙකු ගොඩ ගසා තිබෙනවා.

මේ වෙන විට මෙම සත්ත්වයා කවරෙක්ද යන්න විද්‍යාඥයන් විසින් අනාරවරණය කර ගෙන ඇති අතර ඒ spade-toothed whale නම් ඉතා දුර්ලභ සත්ත්වයෙක් බවයි සඳහන් වෙන්නේ.

මීටර් පහක් දිග, හොටක් සහිත මෙම සත්වයාගේ අනන්‍යතාවය තීරණය වූයේ එම සිරුරේ වූ වර්ණ රටා, හිස් කබල මෙන්ම හොට සහ දත් වල හැඩය අනුවයි.

මේ වන විට මෙම සිරුර DNA පරීක්ෂණ සඳහා ද යොමු කර ඇති අතර එය ශීතාගාර වල තැන්පත් කර තිබෙනවා.

මෙම spade-toothed whale සත්ත්වයාගේ සජීවී නිදර්ශක නොමැති හෙයින් මොහුගේ අනන්‍යතාවය තහවුරු කිරීම තරමක අසීරු කාරණයක් වී තිබෙනවා.