තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ රතු නිවේදනයක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ ව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ වල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහායි. 

නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශ සඳහා යාත්‍රා නොකරන ලෙස ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

අදාළ නිවේදනය පහතින්.