හිරු නැගීම – 06 : 00
හිරු මුදුන් වීම – 12 : 14
හිරු බැසීම – 18 :19
අද ජූලි දාහතරවෙනිදා, ඉරිදා.
හෙට ඉඳන් අලුත් සතියක වැඩ පටන් ගන්න තියෙන නිසා ගොඩක් අය ඉරිදා දවස සැහැල්ලුවෙන් ගත කරනවා. සමහර අය නම් සතියේ ඉතුරු ඔක්කොම වැඩ කරන්නේ අද ඉරිදා දවසේ. සමහර අය නම් ඇවිදින්නත් යනවා.
ජීවිතය හැමෝටම එක වගේ සලකන්නේ නැහැ නේ. එක එක අයගේ ජිවිත එක එක විදිහයි. සමහර අයට එක පැත්තකින් ප්‍රශ්න අඩුයි, සමහර අයට ඒ පැත්තෙන් සෑහෙන්න ප්‍රශ්න. ප්‍රශ්න කියන දේවල් එකිනෙකාට වෙනස් වුණාට හැමෝගෙන ජිවිත වල ප්‍රශ්න තියෙනවා. සරලව කියනවා නම් පාරේ ඉන්න හිඟන්නාගේ ඉඳන් අම්බානි දක්වාම අයට ප්‍රශ්න තියෙනවා. අපි ඒ ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වන ආකරය අනුව තමයි අපේ ජීවිතේ අනාගතය තීරණය වෙන්නේ.
ඒ නිසා ප්‍රශ්න වලට බයේ දුවන්න එපා. මුහුණ දෙන්න.. එතකොට බය ඉබේම නැති වෙලා යයි.
අද දවසේ විශේෂත්වය ගත්තොත් අද World Chimpanzee Day එක. Chimpanzee කියන්නේ පරිණාමය ගැන සලනකොට මිනිසුන්ට ඉතාම ළඟ නෑදෑකමක් තියෙන සත්ත්ව විශේෂයක්. 2018 වසරේ දී තමයි මෙහෙම දවසක් නම් කරලා තියෙන්නේ, ඒ මේ වෙනකොට වඳ වීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න මේ සතුන් ආරක්ෂා කර ගැනීම සහ එයාල ගැන දැනුවත්කම ඉහළ දැමීමට.
primates කාණ්ඩයක් වෙන මෙයාල රංචු පිටින් තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. බටහිර සහ මධ්‍යම සවානා වනාන්තර වල තමයි මෙයාල ඉන්නේ. මෙයාල සහ මිනිසුන්ගේ අතර 98%ක DNA සමානාත්මතාවයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. දඩයම් කිරීම, වාසස්ථාන විනාශ වීම, සහ විවිධ ලෙඩ රෝග බෝ වීම නිසා මෙයාල වඳ වීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා.
ඒ වගේම අද International Non-Binary People’s Day එක. ගැහැණු සහ පිරිමි කියන ලිංග දෙකටම අයිති වෙන්නේ නැහැ කියලා තමන්ට හිතෙන අය තමයි මේ Non-Binary කාණ්ඩයට අයිති වෙනවා කියලා කියන්නේ. මේක ඉතින් ගොඩක් වෙලාවට හෝර්මෝන සහ ඒ හා බැඳිනු මානසික මට්ටමක් එක්ක යන දෙයක්. ගොඩක් වෙලාවට මේ හැඟීම් කියලා දෙයක් තියනවා කියලා ඔලුවට යන්නේ මේ සමාජයේ සිද්ධ වෙන දේවල් සහ අනෙකුත් Non-Binary මිනිසුන්ගේ වැඩ නිසා. අද වෙනකොට මේ දේවල් පරණ කාලෙට වඩා ගොඩක් වැඩි වෙලා තියෙනවා.
2012 වසරේ දී Katje van Loon විසින් තමයි මෙහෙම දවසක් නම් කරලා තියන්නේ.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. ජය වේවා!

