තවමත් සතියකට කොවිඩ් මරණ 1700ක්

කොවිඩ් වෛරසයේ සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබෙනවා.

තවමත් ලොව පුරා එක සතියකට කොව්ඩ් ආසාදනය වීමෙන් 1,700ක පිරිසක් මියයන බවයි ඔහු අනාවරණය කර ඇත්තේ.

රටවල් බොහොමයක කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ අඩු ප්‍රවණතාවක් දකින්න ලැබෙන බවයි ඔහු පවසන්නේ.

කෙසේවෙතත් දිගටම වෛරසය අඩපණ කිරීමට නම්, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.