2024 – 10 – 11

හිරු නැගීම –

හිරු මුදුන් වීම –

හිරු බැසීම –

අද ජූලි මාසේ එකොලොස්වෙනිදා, බ්‍රහස්පතින්දා.

අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද ලෝක ජනගහන දවස හෙවත් World Population Day එක. ජනගහණය කියන්නේ දැන් නම් සීග්‍රයෙන් ඉහළ යමින් තියෙන දෙයක් නේ. වැඩි වෙන ජනගහනයට අවශ්‍ය ආහාර සහ පහසුකම් ලබා දීම දැන් ලෝකේ තියෙන අලුත්ම සහ දරුණුතම අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා.

මේකට විසඳුම් හොයන්න විද්‍යාඥයන් බොහෝ උත්සාහ කරනවා. එහි එක පියවරක් තමයි ජාන තාක්ෂනය භාවිතයෙන් නිපදවපු ආහාර හෙවත් GMO foods. මේකෙදි වෙන්නේ අපි එදිනෙදා කන ආහාර වලින් උපරිම පෝෂණයක් ලබා දෙන්න අපේ ඒ ආහාර ශාක වලට විවිධ විටමින් නිපදවිය හැකි ජාන එකතු කරලා ඒ ශාක ජානමය වශයෙන් වෙනස් කරනවා. ඒ වගේම ශාක වලින් ඉහළ ඵලදාවක් ගන්න, සහ ඒවා කෘමින්ට සහ ආන්තික පරිසර තත්ත්ව වලට හොඳින් ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න මේ හරහා සකසනවා.

විටමින් A අඩංගු රන් සහල්, නොතැලෙන තක්කාලි වගේ දේවල් මේ සඳහා උදාහරණ වෙනවා. ඉතින් මේ GMO food ගැන විවිධ සමාජ මත තියෙනවා.

අද දවසේ තියෙන තවත් විශේෂ දවසක් තමයි International Essential Oils Day එක. මේ වෙනකොට Essential Oils කියන එකත් ජනප්‍රිය වෙමින් පවතිනවා. අපේ ශරීරයේ ආලේපනය කරන්න මේවා බහුලවම ගන්නවා. මේවා විවිධ ශාක වලින් ලබා ගන්න තෙල් වෙනවා, මේවාගේ තියෙන සුවඳ “essence” නිසාම මේවට මේ නම ලැබිලා තියෙනවා.

Lavender, Peppermint, Tea Tree වගේ දේවල් බහුලවම භාවිතා වෙනවා.

2018 වසරේ දී Jared Turner විසින් තමයි මේ දවස නම් කරලා තියෙන්නේ. කොහොම වුණත් ක්‍රිස්තු පූර්ව 3000 කට වඩා උඩ කාලයේ දී පවා මිනිස්සු මේ Essential Oils භාවිතා කරලා තියෙනවා කියලා හොයා ගෙන තියෙනවා.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!