අධ්‍යාපන, සෞඛ්‍ය වැනි සේවා සඳහා නව නීතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අවදානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
මෙම සේවාවල රාජ්‍ය සේවකයින් වර්ජන සිදු කිරීම මගින් සිදුවන මූලික මිනිස් අවශ්‍යතා කඩවීමට එරෙහිව මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව, නව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කරුණු අධ්‍යයනය කිරීම සඳහා නීති කටයුතු පිළිබඳ විෂය පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂට බලය පවරනු ලැබූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියා.
වර්ජන හේතුවෙන් පාසල් වැසී යෑමෙන් අද විශාල දරු පිරිසකට පාසල් අධ්‍යාපනයේ අයිතිය අහිමිව තිබෙන බවත්, මෙවැනි තත්ත්වයක් යටතේ පොදු සේවා පවත්වාගෙන යෑම සඳහා තිබෙන වගකීමට විශාල වශයෙන් තර්ජන ගර්ජන එල්ල වෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

