ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන දැනුම්දීම ජූලි 17න් පසු

2024 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජූලි 17ට පසු ප්‍රකාශයට පත්කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ.