2024 – 05 – 06

හිරු නැගීම – 05 : 58

හිරු මුදුන් වීම – 12 : 13

හිරු බැසීම – 18 : 29

අද ජූලි මාසේ හයවෙනිදා, සෙනසුරාදා.

අද දිනය හරි ලස්සනයි නේද. අවුරුද්ද 4, මාසේ 5 සහ දිනය 6. එකට යන ඉලක්කම් ටිකකින් තියෙන දිනයක් අද…

අද අමාවක පොහෝ දිනයත් වෙනවා. ඉතින් අද චන්ද්‍ර මාසයේ කළුවරම දවස වෙනවා. ඒ වගේම අලුත් චන්ද්‍ර මාසයක ආරම්භයත් වෙන්නේ අද ඉඳන්. අමාවකත් පොහෝ දිනයක් විදිහට සලකන නිසාම අදටත් පුරාණ චාරිත්‍ර වලට අනුව සිල් සමාදන් වෙන්න යන උපාසක අය ඉන්නවා.

මේ අමාවක දවසේ තමයි ඉස්ලාමීය අලුත් අවුරුද්දත් යෙදිලා තියෙන්නේ. ඔවුන්ගේ චන්ද්‍ර දින දර්ශනයට අනුව Muharram කියන පලවෙනි මාසයේ පලවෙනි දිනය අද. මේ දින දර්ශනය චන්ද්‍රයා මුල් කර ගෙන හදලා තියෙන එකක් නිසා මේකේ හිරු බැස යෑමෙන් තමයි දිනය ආරම්භ වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 622 දී මුහම්මද් නබිතුමා මක්කම සිට මදීනාවට සංක්‍රමණය වීමත් සමඟ මේ දින දර්ශනය ආරම්භ වූ බවයි කියවෙන්නේ.

මීට අමතරව අද International Kissing Day එක. ඔයා ආසාවෙන් කෙනෙක්ට කිස් එකක් දෙන්න බලන් ඉන්නවා නම් ඔන්න අද තමයි දවස… මොනවා වුණත් කෙනෙක්ගේ කැමැත්තක් නැතුව නම් එයාව අල්ලන්න යන්න එපා, ගුටි කන්න තමයි වෙන්නේ එහෙම වුණොත් නම්… හිකිස්..

කිස් කරනකොට අපේ ශරීරයෙන් oxytocin වගේ හෝර්මෝන ශ්‍රාවය වෙනවා කියලා හොයා ගෙන තියෙනවා. මේ නිසා තමයි අපිට අනෙක් පුද්ගලයා කෙරෙහි බැඳීමක්, ආදරයක් ඇති වෙන්නේ. ඒ වගේම මේ oxytocin නිසා අපිට වේදනාව අමතක වෙනවා, ශරීරයට සනීපයක් දැනෙන්න ගන්නවා. කිස් කරන එකෙන් අපේ stress එක අඩු වෙනවා කියලත් හොයා ගෙන තියෙනවා. වාසි ගොඩයි ඉතින්….

පොඩි කිස් එකකට පුළුවන් ආදරේ ගොඩක් වැඩි කරන්න. ඒ නිසා ඔෆිස් යන්න කලින්, නිදා ගන්න කලින්, ගෙදර දී නිකම් ඉන්න ගමන් එකී නොකී මෙකි හැම වෙලේම කිස් එකක් දෙන්න – free love tips

එහෙනම් අද දවස ආදරෙන් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!