දැන් ආවොත් හිඟ වැටුප් දෙන්න පුළුවන් – උසස් අධ්‍යාපන ඇමති

වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ට මේ වනවිට ලබා දිය හැක්කේ, වර්ජනයේ නිරත වූ මාස 2 වැටුප සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා පමණක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් සඳහන් කරනවා.

ඔවුන් සේවයට වාර්තා නොකළ දින, නිවාඩු දින ලෙස සළකා කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට වාර්තා කිරීමේ අවස්ථාව පවතින බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

වැටුප් වැඩි කරගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 66ක් ගතවනවා.