2024 – 07 – 04

හිරු නැගීම – 05 : 58

හිරු මුදුන් වීම – 12 : 13

හිරු බැසීම – 18 : 28

අද ජූලි මාසේ හතරවෙනිදා, බ්‍රහස්පතින්දා.

මේ මාසේ පලවෙනි බ්‍රහස්පතින්දා දවස අද. අපි මේ අවුරුද්දට බ්‍රහස්පතින්දා දවස් කීයක් පහු කර ගෙන ඇවිත් ඇති ද? ඒ කාලෙට වඩා අඩු බ්‍රහස්පතින්දා දවස් ගානක් තමයි අපිට පහු කරන්න ඉතුරු වෙලා තියෙන්නේ.

අද දවස ගැන ගත්තොත් අද කොස් වලට වෙන් කරපු දවස. ලංකාවේ නම් ඉතාම ජනප්‍රිය අතීතයේ ඉඳන්ම එන කෑමක් තමයි මේ කොස්. ප්‍රධාන වශයෙන් මේවගේ කාබෝහයිඩ්රේට් අඩංගු වෙනවා. කොස් කියන පලතුර අපි පොඩි කාලේ පොලොස් විදිහටත්, ටිකක් ඉදුනම කොස් විදිහටත් ගොඩක්ම ඉදුනම වරකා විදිහටත් කනවා.

ඉතින් මේ මොන විදිහට කෑවත් කොස් රස කෑමක්. ඒ නිසාම තමයි 2016 අවුරුද්දේ දී මෙහෙම කොස් දවසක් නම් කරලා තියෙන්නේ.

ඔයාල දන්නවද මේ කොස් වෙනුවෙන්ම හදපු වෙබ් පිටුවකුත් තියෙනවා – https://jackfruitday.com/ කියලා. මේකට ගියාම කොස් වලින් හදන්න පුළුවන් එක එක කෑම රෙසිපි බලා ගන්න පුළුවන්. ඇත්තටම කොස් තම්බලා හෝ ව්‍යංජන විදිහට හදනවාට වඩා ගොඩක් කෑමක් කොස් වලින් හදන්න පුළුවන්.

අපේ අම්මා නම් කොස් කාලෙට කොස් මුරුක්කු හදලා දෙනවා. කරන්න තියෙන්නේ කොස් ලියලා අර ගෙන ඒවා බැඳලා ලුණු මිරිස් දාන එක විතරයි. හරිම රස කෑමක්. මේ අවුරුද්දේ නම් කොස් වාරේ දැන් ටිකක් පහු වෙලා. ඒත් ටිකක් උත්සාහ කළොත් කොස් ගෙඩියක් මේ කාලෙත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.

ඒ වගේම අද Alice in Wonderland Day එක. ඇලිස් සහ විස්මලන්තය කියන්නේ අපි පුංචි කාලේ ආසාවෙන් බලපු කතාවක්, කියවපු පොතක්.

අවුරුදු 1865 දී තමයි මේ කතාව Charles Lutwidge Dodgson විසින් ලියලා තියෙන්නේ. අවුරුදු හතක ගැහැණු ළමයෙක් හා ගුලකට වැටිලා අත් දකින පුදුම සහගත දේවල් ගැන තමයි මේ පොතේ තියෙන්නේ. මේ වෙනකොට භාෂා 170කට වැඩි ප්‍රමාණයකට මේ කතාව පරිවර්තනය වෙලා තියෙනවා වගේම මිලියන 100කට අධික පිටපත් සංඛ්‍යාවක් විකිණිලා තියෙනවා.

2010 වසරේ දී මේකේ පලවෙනි film එක තිරගත කෙරුනා. මේ තියෙන්නේ ඒකෙ trailer එක…

එහෙනම් වෙලාව තියෙන විදිහට මේ film එකත් බලන්නකෝ… ඒ විතරක් නෙමෙයි මේ කතාව ගැනත් ටිකක් හොයලා බලන්න. හැමවෙලේම අපිට පෙන්න තියෙන අපි අහන දේ ඇත්ත නෙමෙයි නේ, ඒක ඇතුලේ සැඟවුණු දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ කතාවත් බැලූ බැල්මට ළමා කතාවක් වගේ පෙනුනට ඒක ලොකු ගැඹුරු අදහසක් තියෙන කතාවක්. මන් කියන්නේ නැහැ ඒ ගැන, ඔයාල හොයලා බලන්න.. ආස හිතෙයි ඔන්න..

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!