අද රාත්‍රියේ කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9:00 සිට හෙට (05) පස්වරු 3:00 දක්වා පැය 18ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, කොළොන්නාව නගර සභාව, කඩුවෙල මහ නගර සභාව, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්වලට මෙම ජල කප්පාදුව සිදුවනු ඇත.

අඹතලේ බලාගාරයෙන් ජලය සපයන සම්ප්‍රේෂණ නල මාර්ගයක ඇතිවී තිබෙන ජල කාන්දුවක් අලුත්වැඩියා කිරීම සඳහා, මෙම පැය 18ක ජල කප්පාදුව සිදුකරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.