ගාසා තීරයේ අවතැන් වූ පිරිස මිලියන 2ට ආසන්න වෙයි

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව මිලියන 2කට ආසන්න වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එම සංඛ්‍යාව ගාසා තීරයේ ජීවත් වන ජනගහනයෙන් සියයට 80ක් පමණ වන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය දිනවල එල්ල කරන ලද ප්‍රහාරවලින් තවත් මිලියනයක පමණ පිරිසක් අවතැන් වී ඇති බවයි.

මෙම ප්‍රදේශවලට ආධාර නොලැබීම හේතුවෙන් අවතැන් පිරිසට ආහාර, ඖෂධ සහ නවාතැන් පහසුකම් සපයා ගැනීම දැඩි අර්බුදයක් වී ඇති බව ද ජගත් සංවිධානය පවසනවා.