නවය ශ්‍රේණියට අලුත් අධ්‍යාපන ක්‍රමයක්

පාසල් වියේ සිටම ව්‍යවසායකත්වය පිළිබඳ අවබෝධයක් හා පුහුණුවක් දරු දැරියන්ට ලබා දියයුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදයක් මගින් 9 ශ්‍රේණියේ සිටින දරුවන්ට දෙමාපියන් සමග සාකච්ඡා කර අනාගත වෘත්තීය තෝරා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි ඔහු පැවසුවේ.

අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ දැනුම, ආකල්ප සහ කුසලතාවයෙන් යුතු පුරවැසියෙකු බිහිකිරීම බවත් දැනුම මත පමණක් රැඳී නොසිට කුසලතා හා ආකල්ප වර්ධනයට පෙරපාසල් අධ්‍යාපනයේ සිට ම අවශ්‍ය අඩිතාලම සකස් කිරීම අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සඳහා යුනෙස්කෝ ආයතනයේ සහයෝගයෙන් ජාතික අධ්‍යාපන ආයතනය හා තවත් විද්වතුන් සමග එක්ව වැඩපිළිවෙලක් ආරම්භ කළ බවද පැවසුවා.

මෙම වැඩසටහන ඉදිරියේදී පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.