හිරු නැගීම – 05 : 57
හිරු මුදුන් වීම – 12 : 13
හිරු බැසීම – 18 : 28
අද ජූලි මාසේ පළවෙනිදා, සඳුදා.
අද අලුත් සතියක වගේම අලුත් මාසයකත් ආරම්භය. මේ උදා වෙන්නේ 2024 අවුරුද්දේ හත්වෙනි මාසය. කෙමෙන් කෙමෙන් මේ අවුරුද්දේ අන්තිම කාලයටත් උදා වෙන්න තමයි මේ යන්නේ. ගෙවුණු කාලයට වඩා අඩු කාලයක් තමයි තියෙන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්න තව.
කාලය ඉස්සරහා මානුෂිය හදවත් හරිම අසරණයි
ඉතින් එහෙම අසරණ නොවෙන්න නම් plan එකකට හරියට වැඩ කරන්න ඕනේ. ඉඳලා හිටලා ice ගැහුවත් ඒ හදා ගන්න සැලසුම හරියටම ක්රියාත්මක කරන්න මහන්සි වෙනවා නම් තමන් හිතනවටත් වඩා සාර්ථක වෙන්න පුළුවන්. ice ගහන එක නවත්වා ගන්න විවේකයක් ගන්නත් වෙලාවක් ඒ plan එකට එකතු කර ගන්න.
හැදෙනවා නම් හැදෙන්න මේ මාස පහත හොඳටම ඇති.
අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද International Joke Day එක. දැන් කියන්න එපා ඔයාගේ ජීවිතේම දැන් නම් joke එකක් වෙලා ඉවරයි කියලා… ඔයාගේ ජිවිතේ ගැන සම්පූර්ණ වගකීම තියෙන්නේ ඔයාගේ අතේ.
අද විතරක් නෙමෙයි හැමදාම වගේ විහිළුවක් දෙකක් කරලා සතුටින් හිනා වෙලා ඉන්න ඕනේ. එත් කාටවත් දුකක් දැනෙන විදිහේ විහිලු නම් කරන්න යන්න එපා. තව කෙනෙක්ව අඩවලා අපි හිනා වෙනවා කියන්නේ හරිම කැත වැඩක්. අනික ඒ දේවල් වලින් විශාල හානි පවා සිදු වෙන්න පුළුවන්.
ඒ නිසා විහිළුවක් වුණත් සිහියෙන් කරන්න, නැත්නම් ඉවරයි ඉතීම්…
එහෙනම් අද දවස වගේම මේ මාසෙත් සතුටින් ඉන්න. සැලසුමක් හදා ගෙන හරියට වැඩ කරන්න මේ මාසේ. ඔයාට පුළුවන්!
ජය වේවා! තෙරුවන් සරණයි!


