2024 – 06 – 30

හිරු නැගීම – 05 : 57

හිරු මුදුන් වීම – 12 : 12

හිරු බැසීම – 18 : 28

අද ජුනි තිස්වෙනිදා, ඉරිදා.

අද මේ මාසේ වගේම මේ සති අන්තයේත් අවසාන දවස අද. අද ඉතින් නිවාඩු දවසක් නිසා ඉදිරි මාසේ plan කරන්න වගේම මේ මාසේ ගෙවුණු විදිහ ගැනත් හිතන්න හොඳ කාලයක් වෙන් කරන්න පුළුවන්.

ඉතින් ගෙවුණු මාසේ කොහොමද ඔයාට? ඔයාගේ plan කර ගෙන හිටපු වැඩ ටික කර ගන්න පුළුවන් වුණාද? ජුනි මාසේ ඔයාගේ ජිවිතයට එකතු වුණු ලස්සනම මතක මොනවද? ඔයාට මේ මාසේ සිද්ධ වුණු අතපසුවීම් මොනවද?

මේ දේවල් හිතලා බලන්න. අපි අපිට වුණු දේවල් වලින් නේ පාඩම් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ජුනි මාසේ පාඩමක් කර ගෙන ජූලි මාසයට යන්න. එතකොට ඒ මාසේ මේ මාසෙට වැඩ හොඳට සාර්ථක කර ගන්න පුළුවන්.

ඉතින් අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් International Asteroid Day හෙවත් ජාත්‍යන්තර ග්‍රහක දිනය. ග්‍රාහක කිව්වහම ඉතින් ඊයේ පෙරේදා දවසේ ත් එවරස්ට් කන්දටත් වඩා ලොකු ග්‍රාහකයක් පෘථිවිය පහු කලා කියනවා නේ. ග්‍රාහක ඉතින් අභ්‍යාවකාශයේ සුලබවම තියෙන දෙයක්.

මීටර් 10 ක් සිට මීටර් 500ක් අතර විශ්කම්භයෙන් යුතු ග්‍රාහක තියෙනවා කියලා හඳුනා ගෙන තියෙනවා. ඒ වගේම විද්‍යාඥයන් විශ්වාස කරන විදිහට මේවා අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ තියෙන දෙයක්. ඩයිනෝසරයන් වුණත් වඳ වෙලා ගියේ ග්‍රාහකයක් වැදිලා කියනවා නේ.

පෘථිවියට මෑත කාලයේ අවස්ථා කිහිපයකම මේ ග්‍රාහක කඩන් වැටිලා තියෙනවා. මේකේ මෑතකම තියෙන අවස්තාව තමයි 2013 දී රුසියාවේ බටහිර සයිබීරියාවේ Chelyabinsk නමින් හැඳින්වෙන ප්‍රදේශයකට ග්‍රාහකයක් වැටීම. මේකේ දී මිනිස්සු මිය ගියේ නැති වුණත් තුවාල ලැබුවා කියලා තමයි කියන්නේ.

එහෙනම් අද මේ මාසේ අන්තිම දවසේ සතුටින් ඉන්න, ගෙදර අය එක්ක කාලය ගත කරන්න. ඊළඟ මාසය එකට සැලසුම් කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!