ජනාධිපතිවරණය කැඳවීම සඳහා ජූලි මාසයෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාවට අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පවසනවා.
මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණයට අදාළ ආයතන කිහිපයකට දැනුම් දුන් බවයි.
මැතිවරණයක් කැඳවීමට නියමිත බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්රණාලාධිපතිනියට, පොලිස්පතිවරයාට සහ මැතිවරණයට අදාළ ආයතන කිහිපයකට දැනුම් දී තිබෙනවා.
මැතිවරණ කටයුතු සඳහා සූදානම් වීමේ මූලික අරමුණින් එසේ උපදෙස් දුන් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ප්රකාශ කළේ.

