T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගය, අද (29) ඉන්දියාව සහ දකුණු අප්රිකාව අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ රාත්රී 8.00 ට බාර්බඩෝස් හිදී යි.
මූලික වටයේ A කාණ්ඩය යටතේ ඉන්දියාව අපරාජිතව සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර D කාණ්ඩය යටතේ තරග වැදුණු දකුණු අප්රිකාව ද අපරාජිතව සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.
ඒ අනුව, ලෝක කුසලාන ක්රිකට් තරගාවලි ඉතිහාසයේ දකුණු අප්රිකා කණ්ඩායම අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලද ප්රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

