පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

2025 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛයට අනුව අයදුම්පත සම්පූර්ණ කර අදාළ සියලු ලේඛන සමඟ තමන්ට අදාළවන පාසල්වල ප්‍රධානීන් වෙත ලබන මස 31 වන දිනට ප්‍රථමයෙන් ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඊට අදාළ සියලු සුදුසුකම් ලබන මස 30 වන දිනට වලංගු වන පරිදි සපුරාලිය යුතුවනවා.

චක්‍රලේඛය මෙතනින්