ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (27) දිනයේ ද ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
කොළඹ පැවති විරෝධතාවයට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයට විරෝධය පළ කරමිනුයි ගුරු – විදුහල්පති වෘත්තීය සමිති මෙලෙස වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත්තේ.
අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේ (26) දිනයේත් ගුරු – විදුහල්පති වෘත්තීය සමිත වැඩවර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතු ඇණහිට තිබිණි.
පාසල් රැසක ළමුන්ගේ පැමිණීම ද ඉතා අවම මට්ටමක පැවති අතර ඇතැම් පාසල්වලට පැමිණි සිසුන්ට පාසල්වලට ඇතුළුවීමට නොහැකි වීම හේතුවෙන් හැරී යාමට ද සිදුවු බව “අද දෙරණ” වාර්තාකරුවන් සඳහන් කළේය.
කෙසේවෙතත් අද (27) දිනයේ දී සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

