විනාඩි 10න් හදන්න පුළුවන් කෙසෙල් මග් කේක්

අද අපි අර ගෙන ආවේ හරිම රස හරිම පෝෂ්‍යදායි ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑමක්. පොඩි අයට උදෑසන ආහාරයකට වගේම, ලොකු අයට අමතර වේලකටත් කන්න මේක රස කෑමක්.

ඉතින් අපි බලමු මේක කොහොමද හදා ගන්නේ කියල.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගසාගත් බිත්තර 1
  • කපාගත් ඉදුණු කෙසෙල් ගෙඩි 1
  • චොක්ලට් චිප්ස් ස්වල්පයක්
  • චොක්ලට් පවුඩර් තේ හැඳි 2
  • කිරි මේස හැඳි 2
  • කපාගත් පාන් පෙති 2

සාදාගන්නා ආකාරය

බිත්තර, කිරි හා චොක්ලට් පවුඩර් එකතු කර හොඳින් ගසාගන්න. මයික්‍රොවේව් safe මග් එකක් අරගෙන කපාගත් පාන් කෑලිවලින් ස්වල්පයක් දමා කෙසෙල් ස්වල්පයක්ද දමාගන්න. ඊළඟට චොක්ලට් චිප්ස් එකතු කරලා නැවත පාන් හා කෙසෙල් දාගන්න. මේ විදිහට ලෙයර්ස් වෙන්න හදලා උඩින් තව චොක්ලට් චිප්ස් ටිකක් දාලා ගසාගත් බිත්තරය උඩින් එකතු කර විනාඩි 1 1/2 ක් මයික්‍රොවේව් කරගන්න.

දැන් ඔයාගේ රසම රස කෙසෙල් මග් කේක් එක ලෑස්තියි.

ඉතින් ඕන හදලම බලන්නකෝ මේ රස කෑම.