විදෙස් ගමන් බලපත්‍රවල කාලය දීර්ඝ කරයි

ජූලි 01 වැනිදා සිට කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍රවල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, e පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10ක කාල සීමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ ඊ පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බව පාලක ජනරාල්වරයා සඳහන් කරයි.

නොවැම්බර් මාසයේ සිට ඊ පාස්පෝර්ට් නිකුත් කිරීම අරඹනු ලබන අතර සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් ඊ පාස්පොර්ට් ලබා ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.