2024 – 06 – 25

හිරු නැගීම – 05 : 56

හිරු මුදුන් වීම – 12 : 11

හිරු බැසීම – 18 : 27

අද ජුනි මාසේ විසිපස්වෙනිදා, අගහරුවාදා.

අඟහරුවාදා කියන්නේ අඟහරුගේ ග්‍රහයා වෙනුවෙන් නම් කරලා තියෙන දවස. අඟහරු එහෙමත් නැත්නම් mars රතු ග්‍රහයා විදිහටත් හඳුන්වනවා. ඉංග්‍රීසි භාෂාවෙන් අඟහරුවාදා කියන්නේ Tuesday, ඒක නම් කරලා තියෙන්නේ ජර්මානු දෙවියෙක් වෙන Tiw සිහි වෙන්න.

හින්දු ආගමේ එන අඟහරු වගේම මේ Tiw කියන දෙවියත් යුද්ධය නිරුපණය කරන දෙවිවරු විදිහට සලකනවා. ඒ නිසාම තමයි රතු වර්ණය අඟහරුවාදා දවස වෙනුවෙන් වෙන් කරලා තියෙන්නෙත්.

අද දවස ගත්තොත් අද World Drug Day එක. Drug කියන නම ඇහුව ගමන් අපේ ඔලුවට එන්නේ මත්ද්‍රව්‍ය වගේ idea එකක් වුණාට අපි ගන්න ඕනෑම බටහිර වෙදකමේ ඖෂධයක් Drug එකක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ බෙහෙත් විදිහට ගන්න ප්‍රමාණය – dose එකට වඩා වැඩි ප්‍රමාණයක් තමයි මත්ද්‍රව්‍ය විදිහට අර ගන්නේත්.

ඊට අමතරව කෘතිමව නිෂ්පාදනය කරපු මත්ද්‍රව්‍ය එහෙමත් තියෙනවා. අද වෙනකොට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම මේ මත්ද්‍රව්‍ය කියන එක විශාල ගැටළුවක් වෙලා තියෙනවා. වර්තමාන පරපුර බොහෝ ප්‍රමාණයක් මේ මත්ද්‍රව්‍ය ගන්න යොමු වෙලා තියෙනවා.

ලංකාවේ කරන යුක්තියේ මෙහෙයුමේ වාර්තා දත්ත දැක්කම හිතා ගන්න පුළුවන් නේ කොච්චර මිනිස්සු ගොඩක් මේ මත්ද්‍රව්‍ය එක්ක ගනුදෙනු කරනවද කියලා.

අපි බෙහෙත් ගන්නේ අපේ ශරීරයේ තියෙන යම් කිසි අසාමාන්‍ය තත්ත්වයක් සාමාන්‍ය කර ගන්න. වෛද්‍යවරුන් උපදෙස් දෙනවා නිසි මාත්‍රාවට වඩා ඖෂධ ගන්නත් එපා වගේම දීර්ඝ කාලයක් ඒ ඖෂධ භාවිතා කරන්නත් එපා කියලා. ඒ ඖෂධම මත්ද්‍රව්‍ය විදිහට භාවිතා කරනකොට ඒවාගේ විශාල ප්‍රමාණයක් එකවිට නිරෝගී කෙනෙක්ගේ ශරීරයට යනවා. ඉතින් එහෙම වුණාම ශරීරයේ සමතුලිතතාවය බිඳ වැටිලා ඔක්කොම අවුල් වෙලා යනවා.

දිගින් දිගටම මේ මත්ද්‍රව්‍ය ගත්තොත් වෙන්නේ ඒවා නිසා ඇතිවන උද්දීපනයට අපේ ශරීරය හුරු වෙන එක. සරලව කිව්වොත් ඇබ්බැහි වෙනවා. ඒක හරිම භයානක තත්ත්වයක්.

ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි මේ දවස නම් කරලා තියෙන්නේ.

ඔයත් මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් ඒ දේ නතර කරන්න. ඔයා ඔයාට ආදරේ නම් ඒ දේ කරන්නම වෙනවා. ඔයාට තමන් විසින් ඒ දේ අත ඇර ගන්න අපහසු නම්, මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන තියෙනවා, නොමිලයේම ඒවාට සම්බන්ධ වෙලා උපදෙස් ගන්න පුළුවන්.

ඔයාගේ කැප කිරීම සහ උත්සාහය තමයි තියෙන්න ඕනේ.

අද Stitch Day එකත් වෙනවා. ඔයත් ඔන්න ඩිස්නි කාටූන් පිස්සෙක් නම් ඔයාට මේ Stitch ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ නැහැ නේ.

Lilo & Stitch කියන ඩිස්නි චිත්‍රපටයෙන් එන නිල් කෝලා තමයි මේ Stitch කියන්නේ. එයා ඇත්තටම ජාන ඉංජිනේරු විද්‍යාව මඟින් නිර්මාණය කරන ලද සත්ත්වයෙක්. ඒ කියන්නේ ඇත්තටම එහෙම සතෙක් ස්වාභාවික පරිසරයේ දකින්න නැහැ.

නිල් කියන්නේ කොහොමත් ස්වාභාවික පරිසරයේ අඩුවෙන් තියෙන පාටක් නේ (අහස හැරුනම).

Lilo & Stitch series එකේ පලවෙනි episode එක තමයි මේ තියෙන්නේ.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.

ජය වේවා! තෙරුවන් සරණයි!