හජ් වන්දනාවේදී මිය ගිය පිරිස 1000 ඉක්මවයි

මෙවර හජ් වන්දනාවට සහභාගී වූ ඉස්ලාම් බැතිමතුන් 1,100කට වැඩි පිරිසක් මේ වනවිට මියගොස් ඇති බවට වාර්තාවනවා.

දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ වන්දනාවේ දී සිදුවූ තෙරපීම් හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බවයි සෞදි රජය ප්‍රකාශ කළේ.

මිය ගිය පිරිසෙන් වැඩි දෙනෙකු ඊජිප්තු ජාතිකයන් වනවා.

මෙවර හජ් වන්දනාව සඳහා ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් ලක්ෂ 16ක් පමණ පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.