හිරු නැගීම – 05:56
හිරු මුදුන් වීම – 12:12
හිරු බැසීම – 18:28
අද ජුනි මාසේ විසිඑක්වෙනිදා, සිකුරාදා.
අද පොසොන් පොහෝ දවස. ඉතින් වෙසක් හැරුණාම බෞද්ධ ජනතාව වැඩියෙන්ම උත්සවාකාරයෙන් පොසොන් පෝය. ඉතින් අදත් තෝරන්, බැති ගී ප්‍රසංග, දන්සල් ආදී විවිධ දේවල් සුදානම් කරලා තියෙනවා.
ඔයා බෞද්ධ කෙනෙක් නම් අද පන්සල් එහෙම ගිහින් සිල් සමාදන් වෙන්න පුළුවන්. දන්සල් සහ අනෙකුත් පොසොන් උත්සව සඳහා නම් ජාති ආගම් බේදයක් ඇත්තෙම නැහැ.
පොසොන් පොහොය ප්‍රධාන වශයෙන් අනුරාධපුරයේ මිහින්තලය කේන්ද්‍ර කර ගෙන පැවැත්වෙනවා. අද සහ මේ සති අන්තයේ අනුරාධපුරය වැඳ පුදා ගන්න බොහෝ බැතිමතුන් සංඛ්‍යාවක් පුරුදු පරිදිම එකතු වෙයි, පොසොන් නිසා ඒ සිද්ධස්ථාන වලත් විශේෂ පින්කම් ආදී දේවල් සිදු කෙරෙනවා.
අද දවසේ මීට අමතරව තියෙන විශේෂත්වය ගත්තොත් අද International Yoga Day එක. යෝගා කියන්නේ වර්තමානයේ ප්‍රචලිත ව්‍යායාම ක්‍රමයක්. යෝගා වල තියෙන විශේෂත්වය ගත්තොත් මේකේ මනස සහ ශරීරය කියන දෙකම යොදා ගනිමින් තමයි ව්‍යායාම කරන්නේ. මේකේ විවිධ යෝගා වර්ග තියෙනවා.
ඔයාලා දැකලා ඇති නේ මේ යෝගා ශිල්පියෝ අත් කකුල් සහ අනෙකුත් අස්ථි සහ සන්ධි ඉතාම සියුම් ආකාරයට අංශක 360ක් වගේ පුළුල් පරාසයකට නවමින් විවිධ දේවල් කරනවා. ඒ දේවල් එයාලගේ වසර ගණනාවක මහන්සියේ ප්‍රතිඵල තමයි.
හැමෝම හැම දේම වගේ පටන් ගන්නේ 0 ඉඳලා. එයාලගේ කැපවීම, සහ උත්සාහය නිසා එයාලා ඉදිරියටයම ගිහින් තියෙනවා. ඒ නිසා වැදගත් වෙන්නේ තමන්ගේ උත්සාහය අත අරින්නේ නැතුව දිගටම අල්ලා ගෙන ඉන්න එක. කට්ටක් කන්න පුළුවන් නම් මේ ලෝකේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.
ජුනි 21 කියන්නේ ජිරාෆ් සතුන් වෙනුවෙන් වෙන් කළ දවසත් වෙනවා. ගණන් බලා තියෙන විදිහට මේ වන විට ලෝකය පුරාම ජිරාෆ්ලා ලක්ෂයක් වගේ සංඛ්‍යාවක් තමයි වනාන්තර වල දැනට ජිවත් වෙන්නේ. ඒ කියන්නේ මෙයාලා වඳ වී යෑමේ තර්ජනයට ලක්ව සිටින සතුන් පිරිසක් ලෙස හඳුනා ගෙන තියෙනවා, වනාන්තර විනාශය නිසා වාසස්ථාන අහිමි වීම මේකට ප්‍රධාන හේතුව ලෙසයි පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
ඉතින් අද පෝය දවස එහෙනම් පවුලේ අය එක්ක සතුටින් ගත කරන්න.
වෙසක් එකේ මොනවා හරි කරන්න බැරි වුණු දෙයක් තියෙනවා නම් ඔන්න මේ පොසොන් එකේ ඒ දේ කරලා දාන්න.
එහෙනම් ජය වේවා! තෙරුවන් සරණයි!

