අනුබුදු මිහිඳු හිමි වැඩි පොසොන් පොහෝ දිනය අදයි

අශෝක අධිරාජයා විසින් සිදු කරන ලද තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස උන් වහන්සේගේ පුතණුවන් වන මහින්ද – මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ අද වන වූ පොසොන් පොහෝ දිනයක වනවා.

මුව දඩයමේ යමින් සිටි දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස මිහින්තලය ප්‍රදේශයේ දී හමු වූ බවයි මහාවංශයේ සඳහන් වෙන්නේ.

මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලා හා සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකයාත් සමඟ එහි වැඩ සිට තිබෙනවා.

මිහිඳු මහා රහතන් වහන්සේ විසින් රජුගේ නුවණ පරික්ෂා කිරීමෙන් පසුව චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරනු ලැබුණු අතර පසුව රජුගේ ද සහාය ඇතුව බුදු දහම රට පුරා ව්‍යාප්ත කිරීම සිදු කරනු ලැබුවා.

වර්තමානයේ පවා පොසොන් පොහෝ දිනය සමරනු වස් දහස් සංඛ්‍යාත ජනතාව අනුරාධපුරය කරා යනු ලබනවා.

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!