කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ (19) පහළ යාමක් දක්නට ලැබුණා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 34.63කින් පහළ ගොස් ඇති අතර එය සටහන් වූයේ ඒකක 12,225.95ක් ලෙසයි.
එසේම S and P 20 මිල දර්ශකය ද ඒකක 17.18කින් පහළ ගොස් ඒකක 3604.71ක් ලෙස දැක්වුණා.
ඊයේ දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.7ක් බවයි සඳහන් වන්නේ.

