2024 – 06 – 19

හිරු නැගීම – 05 : 54

හිරු මුදුන් වීම – 12 : 10

හිරු බැසීම – 18 : 26

අද ජුනි මාසේ දහනවවෙනිදා, බදාදා. මේ සතියේ නම් ඉතින් මුල වගේම අන්තිමත් වැඩ කරන දවස් දෙක නිවාඩු දවසක් නිසා, හරිම කෙටි සතියක් මේක ගොඩක් අයට නම්.

කොහොම වුණත් ටිකෙන් ටික දවසෙන් දවස අපි මේ මේ මාසේ අවසානය කරා තමයි මේ ලඟා වෙමින් ඉන්නේ ඇත්තටම. තව හරියටම දවස් 11 කින් වගේ මේ මාසේ ඉවරයි. එහෙම තමයි උදේ වෙනවා රෑ වෙනවා ආයෙමත් ඊළඟට උදේ වෙනවා අලුත් දවසකට.

මේ ලෝකේ තියෙන ඔක්කොම කැලැන්ඩර්, ඔරලෝසු විනාශ කළත් කාලය ගත වෙන එක නතර කරන්න බැහැ, අපිත් මේ ස්වාභාව ධර්මයේම කොටසක් නිසා අපේ ශරීරවලත් biological clock එකක් එහෙම නැත්නම් ජීව විද්‍යාත්මක ඔරලෝසුවක් තියෙනවා. ඉතින් මේකෙන් අපේ ශරීරයේ ක්‍රියා පාලනය වෙනවා. අර ඔයාලා නිවාඩු දවසෙත් ඔෆිස් යන වෙලාවට ඇහැරෙන්නේ මෙන්න මේ ඔරලෝසුව නිසා. ඔයාගේ ශරීරය පුරුදු වෙලා තියෙන්නේ හැමදාම එකම වෙලාවකට ඇහැරෙන්න නම්, ඔයාට අවශ්‍ය නැති වුණත් ඒ වෙලාවට ඔයාගේ ශරීරය ඔයාව ඇහැරවනවා.

අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද ගර්ෆිල්ඩ් වෙනුවෙන් වෙන් කරලා තියෙන දවස. අපි හැමෝගෙම වගේ ළමා කාලය ලස්සන කල ගර්ෆිල්ඩ් කියන්නේ අමතක කරන්න බැරි චරිතයක්.

මේ comic series එක Indiana වල Muncie කියන ප්‍රදේශය ආශ්‍රිත කර ගෙන තමයි හදලා තියෙන්නේ. 1978 වසරේ දී තමයි මේක ඉස්සෙල්ලම නිකුත් කරලා තියෙන්නේ.

ඉතින් මේ වෙනකොට නම් ගාෆිල්ඩ් ෆිල්ම්, පොත්, කාටුන් වගේ ගොඩක් දේවල් නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒවා විවිධ වාර්තා තියන්නත් සමත් වෙලා තියෙනවා.

ඒ වගේම අද දෑකැති සෛල දිනය, දෑකැති සෛලයක් එහෙමත් නැත්නම් දෑකැති හැඩති රතු රුධිරානුවක් කියන්නේ අනෙක් රතු රුධිරානු වලින් වෙනස් දෑකැත්තක් වගේ හැඩයකින් යුතු රුධිර සෛලයකට. විද්‍යාව හදාරන දරුවන් නම් මේක ඇති වෙන්නේ කොහොමද කියලා විස්තරමත්මකව ඉගෙන ගන්නවා නේ.

මේක ඇත්තටම ජාන විකෘතියක් නිසා ඇති වෙන දෙයක්. මේක පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන ජානමය රෝගී තත්ත්වයක්. ඇතැම් අවස්ථාවල දී මේ දෑකැති සෛල තිබීම හේතුවෙන් ඇති වෙන දෑකැති සෛල රක්තහීනතාවය නිසා මරණය පවා ඇති වෙන්න පුළුවන්. ඇට මිදුලු බද්ධ කිරීම වගේම තවත් ප්‍රතිකාර ක්‍රම හරහා සාමාන්‍ය කෙනෙක් වගේම බොහෝ කාලයක් මෙයාලට ජිවත් වීමේ හැකියාව තියෙනවා.

ගොඩක් වෙලාවට මෙයාලට අධික වෙහෙසක් දැනෙන වැඩ කරන්න බැහැ, එයාලගේ ඔක්සිජන් පරිවහනය සාමාන්‍ය කෙනෙක්ට වඩා අඩුවෙන් වෙන නිසා ඉක්මනින් මහන්සි දැනෙන්න වගේම ශරීරයේ විවිධ ස්ථාන රිදෙන්න ගන්න පුළුවන්. ඔයාට මේ රෝගය තියෙනවද, එහෙමත් නැත්නම් ඔයා මේ රෝගයේ වාහකයෙක් ද කියලා රුධිර පරීක්ෂණයකින් දැන ගන්න පුළුවන්.

ඔයා වාහකයෙක් නම් වඩාත්ම සුදුසු වෙන්නේ මේ රෝගී තත්ත්වය නොමැති සහ එහි වාහකයෙක් නොවන කෙනෙක් සමඟ විවාහ වීම. මොකද ඔයා විවාහ වෙන කෙනත් වාහකයෙක් වුණොත් ඇති වෙන දරුවන්ට මේ රෝගී තත්ත්වය ඇති වීමේ සම්භාවිතාවය ඉතා වැඩි වෙනවා.

ඒ නිසා ඕනිම විවාහයක් කරන්න කලින් රුධිර පොරොන්දමත් අනිවාර්යයෙන් ගලපලා ඉන්න වෙනවා. දෙන්නම එකඟත්වයෙන් යුතුව දෙන්නගේ රුධිර පරීක්ෂාවක් කර ගැනීම හරහා ඉදිරියේ දී ඇති වෙන්න පුළුවන් සංකුලතා බොහොමයක් අවම කර ගන්න පුළුවන්.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. හොද ආහාර වේලක් ගන්න,

ජය වේවා! තෙරුවන් සරණයි!