හජ් වන්දනාව අතරතුර බැතිමතුන් 550ක් ජිවිතක්ෂයට

මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු මියගොස් ඇති බව සෞදි රජය සඳහන් කරනවා.

දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේ දී සිදුවුණු තෙරපීම් හේතුවෙන් මොවුන් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියගිය එම 550 දෙනාගෙන් 323 දෙනකු ඊජිප්තු ජාතිකයන් වනවා.

මොවුන්ගෙන් වැඩි දෙනා දැඩි ලෙස විජලනයට පත්ව සිටි බවයි මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දැඩි උණුසුම් කාලගුණය මැද බැතිමතුන් පොරකමින් වන්දනා කටයුතු සිදු කරද්දී, බොහෝ දෙනකු තෙරපී සිහිසුන් වූ බවත්, රෝහල්ගත කරන විටත් ඔවුන් මියගොස් සිටි බවත් සෞදි බලධාරීන් පැහැදිලි කර තිබෙනවා.