අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ලබන අගෝස්තු 19වනදා සහ 20වනදා මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, මෙලෙස අලි සංගණනයක් සිදුකෙරෙන්නේ වසර 13කට පසුවයි.
සෑම වසර 10කට වරක් අලි සංගණනයක් සිදුකරන අතර, අවසන් සංගණනය සිදුකළේ පසුගිය 2011 වර්ශයේදී.
කොවිව් වසංගතය හේතුවෙන් 2021 වසරේ පැවැත්වීමට තිබූ අලි සංගණනය කල් දැමීමට සිදුවුණා.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සහාය සහිතවයි මෙම සංගණනය සිදු කිරීමට සැළසුම් කර තිබෙන්නේ.

