ජාතික පොසොන් සතිය අදින් (18) ආරම්භ වනු ලැබුවා.
එය ලබන 24 වැනි දා දක්වා ක්‍රියාත්මකයි.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළේ, මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට බැතිමතුන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවයි.
එලෙස පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ද මේ වන විට පියවර ගෙන ඇති බවයි ලේකම්වරයා සඳහන් කළේ.
මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4500 දෙනෙකු යෙදවීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරනවා.

