හිරු නැගීම – 05 : 54
හිරු මුදුන් වීම – 12 : 05
හිරු බැසීම – 18 : 25
අද ජුනි මාසේ දාසයවෙනිදා ඉරිදා.
ඉතින් මේ ඉරිදා දවස යෙදිලා තියෙන්නේ දීර්ඝ සති අන්තයක දෙවෙනි දවස විදිහට. හෙට වැඩට යන්නත් නැති නිසා මේ ඉරිදා දවස නම් ටිකක් සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන්.
අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන් නම් දැන් හරි හරියට හජ් උත්සවය සමරන්න සූදානම් වෙනවා ඇති.
ඉතින් අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද World Sea Turtle Day – මුහුදු කැස්බෑවන්ගේ දිනය වෙනවා.
මේ මුහුදු කැස්බෑවන් මීට අවුරුදු මිලියන 100කට කලිනුත්, ඒ කියන්නේ මිනිසුන් ඇතිවෙන්න කලින්, ඉඳලා තියෙනවා කියලා තමයි කියන්නේ. එයාල ඩයිනෝසරයන් ඉන්නකොට පවා මේ මුහුදු වල පීනමින් ඉඳලා තියෙනවා.
මෙයාලා බිත්තර දාන්න ගොඩබිමට එනවා. ඉතින් මෙයාලගෙත් තියෙන තවත් අපූරු විශේෂ දෙයක් තමයි ගොඩබිම බිත්තර දාන ස්ථානයේ තියෙන පරිසර උෂ්ණත්වය අනුව මෙයාලගේ ලිංගිකත්වය තීරණය වෙනවා. බිත්තර දාන තැන තියෙන උෂ්ණත්වය අඩුයි නම් පිරිමි ජීවියෙක්ද, බිත්තර දාන තැන උෂ්ණත්වය වැඩිනම් ගැහැණු ජීවියෙක්ද ඇති වෙනවා.
ඒ වගේම මෙයාලගේ සමහර විශේෂ අවුරුදු සීයකට වැඩිය ජීවත් වෙනවා.
ඉතින් අනවසර මත්ස්‍ය දඩයම, වාසස්ථාන විනාශ වීම ආදී හේතූන් නිසා මේ අපූරු ජීවීන් වඳ වී යාමේ තර්ජනයට ලක්වෙලා තියෙනවා.
ඔයාලට පුළුවන් ඔයාලගේ ගෙදර පොඩි වගාවක් පටන් ගන්න. ඒකෙන් පෝෂණ ගුණයෙන් ඉහළ, වස විසින් තොර අලුත් එළවළු පලතුරු ඕගොල්ලන්ට ආහාර සඳහා එකතු කරගන්න පුළුවන් වෙනවා. මේ දවස්වල එළවළු මිල ඉතාමත් ඉහල යමින් පවතින නිසා ඒක ඇත්තටම ආර්ථික වශයෙනුත් වාසිදායක වෙනවා.
ඔයාගේ තියෙන ගෙවත්තේ ඉඩ ප්‍රමාණය කොච්චර වුණත් ඔයාට පුළුවන් පොඩියට හරි මේ වගාවන් සිදු කරන්න. හැමදේම අපි කඩෙන් ගන්නවාට වැඩිය එක එළවළු ගහක් හරි අපේ ගෙදර හිටවලා තියෙන එක හොඳයි නේ.
එහෙනම් මේ සති අන්තය සතුටින් ගත කරන්න.
ජය වේවා ! තෙරුවන් සරණයි!

