කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් අද (15) සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.
මාස 02ක කාලයක් අදාළ මාර්ගයේ වාහන ගමනාගමනය මෙලෙස සීමාකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.
“කොළඹ සිට පිළියන්දල දක්වා ගමන් කරන මාර්ගයේ කොහුවල මංසන්ධියේ ස්ථාපිත කරමින් පවතින ගුවන් පාලමේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කරමින් පවතිනවා. අගෝස්තු මස 15 වනදා දක්වා එම කටයුතු සිදුකරනවා. එමනිසා මාර්ග තදබදයක් ඇති වෙන්න පුළුවන් ඒ මංසන්ධිය අවට. ඒ නිසා විකල්ප මාර්ග භාවිත කරලා ගමන් පහසුව සලසා ගන්න. “
2021 වසරේ ජුනි මස 07වනදා නිල වශයෙන් ආරම්භ කෙරුණු කොහුවල ගුවන් පාලම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අතරමග නැවතී තිබුණි.
ඒ අනුව එහි අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු අද සිට ආරම්භ වන අතර එය ලබන අගෝස්තු මස 15වනදා අවසන් කිරීමට නියමිතය.
මංතීරු දෙකකින් සමන්විත මෙම ගුවන් පාලම මීටර 297ක දිගකින් යුතු වේ.

