හිරු නැගීම – 05 : 52
හිරු මුදුන් වීම – 12 : 07
හිරු බැසීම – 18 : 22
අද ජුනි මාසේ පළවෙනිදා, සෙනසුරාදා.
අද 2024 අවුරුද්දේ හයවෙනි මාසේ පලවෙනි දවස. ඉතින් අදින් අලුත් මාසයක් පටන් ගන්නවා. අද ඉඳන් අලුත් ආරම්භයක් ඔයාගේ ජිවිතේට ගන්න ඔයාටත් පුළුවන්. පසුගිය මාසේ මොනවා හරි අතපසු වුණා නම් ඒ දේවල් හරි කර ගෙන, ඔයාගේ ඉලක්ක ජය ගන්න, ඒවා තවත් ලං කර ගන්න මේක අවස්තාවක් කර ගන්න.
පසුගිය මාසේ ගැන හිත හිත දැන් දුක් නොවී ඒ අඩුපාඩු මේ මාසේ ඉඳන් හදා ගත්තොත් ඔයාට ලබන මාසේ වෙනකොට හොඳ තැනකට එන්න පුළුවන්.
මේ සතිඅන්තයේ හොඳට ඔයාගේ මාසේ plan කරන්න. ඔයාට අනිවාර්යයෙන් පුළුවන්.
අද විශේෂත්වය ගත්තොත් ජුනි පළවෙනිදා International Children’s Day – ලෝක ළමා දිනය. ලංකාවේ අයට නම් මේක එච්චර හුරු නැහැ, මොකද අපි ළමා දිනය සමරන්නේ ඔක්තෝම්බර් පළවෙනිදා නේ.
කාර්මික විප්ලවයත් එක්ක ඇති වුණු කර්මාන්තශාලාවල වැඩ කරන්න ඒ කාලේ කුඩා දරුවන්වත් යොදවා ගත්තා. ඉතාමත් අඩු වැටුපකට ඔවුන්ව අනතුරුදායක කාර්යයන් වල ඒ කර්මාන්තශාලා හිමියෝ යෙදෙව්වා කියලා තමයි ඉතිහාසය කියන්නේ. ඒ වගේම පතල් ආශ්‍රිතව වැඩුණු කෙනෙක්ට යන්න අපහසු ස්ථාන වලට මෙයාලව යවලා ඒ කැනීම් සිදු කරලා තියෙනවා. ඉතින් මේ අනාරක්ෂිත තත්ත්ව වලින් ළමයින් බේරා ගන්න තමයි ළමයින් වෙනුවෙන් මෙහෙම දිනයක් නම් කරලා ඔවුන් වෙනුවෙන් හඬක් නගන්න තීරණය කරලා තියෙන්නේ.
කොහොම වුණත් අදටත් අපිට බැරි වෙලා තියෙනවා ළමයින් වෙනුවෙන් ආරක්ෂිත ලෝකයක් බිහි කරන්න. අදටත් ළමයින්ට සිදු වන විවිධ හිංසන අපිට දිනපතා අහන්න ලැබෙනවා.
ළමා දිනය සමරන්නේ මොන දිනයේ ද යන්න නෙමෙයි වැදගත් වෙන්නේ, අපි ළමයින් වෙනුවෙන් කරන්නේ මොනවද කියන එක.!
ඉතින් අනාගතයේ ලෝකය භාර ගන්න ඉන්න මේ ළමයින්ට ලස්සන ලෝකයක් බිහි කරලා දීම වගේම ඔවුන්ව හොඳින් රැක ගනිමින් දේවල් කියා දීම අපේ යුතුකමක්.
Dinosaur Day එකත් ඔන්න් අදට යෙදිලා තියෙනවා.
Dinosaur කියන්නේ අතීතයේ ජුරාසික් යුගයේ එහෙම මේ පෘථිවියේ හිටියා යැයි සැලකෙන විශාල උරග කොට්ටාශයක්. මිනිස්සු ඇති වෙන්න අවුරුදු මිලියන ගානකට කලින් තමයි මෙයාලා ඉඳලා තියෙන්නේ.
Robert Plot මහත්තයා තමයි පෘථිවියේ ඩයිනෝසරයන් හිටියා කියන පලවෙනි සාක්ෂිය හොයා ගෙන තියෙන්නේ. එතකොට එයා මෙහෙම සත්තු ජාතියක් ගැන දැනන් ඉඳලා නැහැ, එයා හිතලා තියෙන්නේ ඒ සාක්ෂි දැවැන්ත මිනිසුන්ට අයිති එකක් කියලා.
කොහොම හරි විද්‍යාඥයන් වසර ගණනාවක් කරපු පරීක්ෂණ වල ප්‍රතිඵල විදිහට මේ වෙනකොට මෙයාලා ගැන බොහෝ තොරතුරු හොයා ගෙන තියෙනවා.
එහෙනම් මේ මාසේ පලවෙනි දවස හොඳින් ගත කරන්න!
තෙරුවන් සරණයි! ජය වේවා!

