වෛද්‍ය හිඟය නිසා පර්යන්ත රෝහල් ගණනාවක් අර්බුධයක

වෛද්‍යවරුන් විදෙස්ගත වීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් උද්ගතව ඇති වෛද්‍ය හිඟය නිසා පර්යන්ත රෝහල් ගණනාවක රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යාම ගැටලු සහගත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

එසේ තිබියදීත් මේ වනවිට වෛද්‍යවරුන් 1390ක කණ්ඩායමක් සීමාවාසික පුහුණුව අවසන් කර පශ්චාත් සීමාවාසික පත්වීම් බලාපොරොත්තුවෙන් සිටියත් මාස 08ක් තිස්සේ ඔවුන්ට එම පත්වීම් ලබාදී නොමැති බවයි එම සංගමය චෝදනා කරන්නේ.

මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම් දැනටත් අර්බුදයට ලක්ව ඇති රටපුරා පිහිටි රෝහල් සහ විශේෂඥ වෛද්‍ය ඒකක 400කට අධික ප්‍රමාණයක් වසා දැමීමට තම සංගමය කටයුතු කරනු ඇති බවයි ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්,