Remal සුළි කුණාටුව හේතුවෙන් බංගලාදේශයට දැඩි හානි

Remal සුළි කුණාටුව ගොඩබිමට පැමිණීම හේතුවෙන් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශවලට දැඩි සුළං සහ වර්ෂාපතන තත්ත්වයක් ඇති වී තිබෙනවා.

බංග්ලාදේශ බලධාරීන් සඳහන් කරන්නේ කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් දැනට පුද්ගලයන් 10ක් පමණ මිය ගොස් ඇති බවයි.

එසේම නිවාස 30,000ක් පමණ විනාශ වී ගොස් තිබෙනවා.

මෙම පද්ධතිය උතුරු-ඊසාන දෙසට ගමන් කර ක්‍රමයෙන් දුර්වලව යනු ඇති බවයි ඉන්දීය කාලගුණ විද්‍යා අංශ පුරෝකථනය කරන්නේ.

Remal යනු මේ වසරේ මේ කලාපයට පහර දුන් පළමු සුළි කුණාටුවයි