2024 IPL තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
කාසියේ වාසිය හිමිකරගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 3 කදී සියල්ලන් දැවී ලකුණු 113 ක් රැස්කළේය.
හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් අතැතිව එම ඉලක්කය සම්පූර්ණ කර ගනිමින් ජයග්‍රහණය තමන් සතු කර ගනු ලැබුවා.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 52ක් රැස්කරගත්තේය.
පිළිතුරු ඉනිම ආරම්භයේදී ඔහුට අගනා සහායක් ලබාදුන් රමනුල්ලා ගුර්බාස් පන්දු 32කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 39ක් රැස්කරගත්තේය.
තරගය ඉන්දියාවේ චෙන්නායිහිදී පැවැත්වුණා.


