හිරු නැගීම – 05 : 56
හිරු මුදුන් වීම – 12 :06
හිරු බැසීම – 18 :20
අද මැයි මාසේ 26 වෙනිදා, ඉරිදා.
අද දීර්ඝ සති අන්ත නිවාඩුවක අවසාන දවස. ආයේ හෙට ඉදන් අලුත් සතියක් පටන් ගන්නවා. මේ සැරේ නම් ලොකු නිවාඩුවක් ගත කරන්න ලැබුන නිසා හෙට ටිකක් fresh එකේ වැඩට යන්න පුළුවන්.
හෙටින් පටන් ගන්නේ මේ මාසේ අන්තිම සතිය. 2024 අවුරුද්දේ මාස පහක් හරි ඉක්මනට ගිහින් නේද, වෙසකුත් ඉවර වුණා දන්නෙම නැතුව. තව හරියටම ගත්තොත් මේ අවුරුද්දේ ඉතුරු වෙලා තියෙන්නේ මාස හතක් වගේ කාලයක්.
කාලය කවුරුවත් වෙනුවෙන් බලන් ඉන්නේ නැහැ කියනවා නේ. මේ ලෝකේ තියෙන ඔක්කොම ඔරලෝසු, කැලැන්ඩර් අයින් කරලා විනාශ කරලා දැම්මත් කාලය ගත වෙනවා. ඉර හැම වෙලේම ගමන් කරමින් උදේ දවල් රෑ ඇති වෙනවා, ඉර නගිනවා, ඉර බහිනවා, දවස් ගත වෙනවා.
අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද World Dracula Day එක. Dracula කිව්වම සමහරු නම් බය වෙනවත් ඇති. Dracula කියලා හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ ලේ උරා බොන තවත් මනුෂ්‍යයෙක් වගේම කෙනෙක්. කට්ටිය නම් කියනවා මෙයාලට හිරු එලියට යන්න බැරි නිසා, හිරු එලිය නිසා අපේ ශරිරයේ හැදෙන Vitamin D ලබා ගන්න තමයි මෙයාලා ලේ බොන්නේ කියලා. සමහර අය නම් කියනවා මෙයාලගේ ආහාරය තමයි ලේ කියලා.
කොහොම වුණත් මේ දේවල් වගේම Dracula කියන්නෙත් මනකල්පිත සත්ත්වයෙක්. අද වෙනකොට මේ Dracula චරිතයෙන් විවිධ පොත්, films වගේ ගොඩක් දේවල් නිර්මාණය වෙලා තියෙනවා.
Dracula කියන සංකල්පය අතීතයේ ග්‍රීක, හිබ්රු, ඊජිප්තු සහ බැබිලෝනියානු ශිෂ්ටාචාරවලත් තිබිලා තියෙනවා කියලා තමයි කියන්නේ. රුමේනියාවේ Prince Vlad III of Wallachia කියන එක්කෙනා මේ දැන් තියෙන dracula චරිතයේ real-life inspiration එක විදිහට ගන්න පුළුවන්.
ඉතින් ඔයා අද නිවාඩු දවසේ විවේකයෙන් ඉන්නවා නම් මේ Dracula film එකක් එහෙම ඔන්න බලන්න පුළුවන්. හිකිස්… බය වෙනවා නෙමෙයි ඔන්න..
ඒ වගේම අද Paper Airplane Day එක. සරලවා කියනවා නම් කඩදාසි වලින් අපි රොකට් හදන්නේ, එන්න ඒවා. රොකට් හදන එක නම් දන්න කාලේ ඉඳන් කරන වැඩක් නේ… දැන් නම් විවිධ විවිධ විදිහට කොළ වලින් මේ රොකට් හදනවා,
කලින් වැඩේ කරන්න බයයි වගේ නම් ඔන්න තියෙන්නේ ගෙදර පරණ කොළ ටිකක් අර ගෙන එක එක විදිහේ රොකට් හදන්න…
මේ දවස් වල නම් ගොඩක් පැති වලට හදන්න හොඳම බෝට්ටු තමයි!
එහෙනම් අද දවස විනෝදයෙන් ඉන්න, හෙට සතිය ගැනත් ටිකක් හිතලා බලන්න
තෙරුවන් සරණයි! ජය වේවා!

