ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 350කට අධික වර්ෂාවක් ලැබී ඇති බවට වාර්තා වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.
ඒ හේතුවෙන් ඉදිරියේදී ඇදහැලෙන සුළු වර්ෂාවකදී පවා නායයෑමේ අනතුරක් සිදුවිය හැකි බවටයි අනතුරු අඟවන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා,
“කෑගල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 350ට අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ජනතාව ඒ සම්බන්ධව අවධානයෙන් සිටින්න ඕනේ. ඉදිරියේදී ලැබෙන සුළු වර්ෂාවකින් වුවද කණ්ඩි කඩා වැටීම් සහ නායයෑම් අනතුරක් සිදුවිය හැකියි.”

