2024 – 05 – 22

හිරු නැගීම – 05 : 52

හිරු මුදුන් වීම – 12 : 06

හිරු බැසීම – 18 : 20

අද මැයි මාසේ 23 වෙනිදා, බ්‍රහස්පතින්දා.

අද ලෝකේ බෞද්ධ බැතිමතුන් හැමෝම මහත් බැතියෙන් සමරන උතුම් වූ වෙසක් පෝය දවස. ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල නිමිති කර ගෙන තමයි වෙසක් පෝය සමරන්නේ.

ඉතින් අද වෙසක් කූඩු, තොරන්, දන්සැල් වගේ ගොඩක් දේවල් තියෙන ලස්සන දවසක්. ඉතින් අපි ප්‍රර්ථනා කරනවා ඒ දේවල්වලට වැස්සෙන් කරදරයක් බාධාවක් නොවී හොඳට කර ගන්න ලැබේවා කියලා.

අද ඉඳන් දවස් හතක්ම එක දිගට නිවාඩු නේ, වැස්ස නිසා කොහෙවත් ඇවිදින්න යන්නත් බැරි එකේ ගෙදර අය එක්ක නිවාඩුවේ වෙසක් කූඩුවක් හදන්න. පොඩි අය එහෙම ඉන්නවා නම් එයාලට අලුත් අත්දැකීමක් වෙයි ඒක.

අද දවසේ තියෙන අනෙක් වැදගත්කම් ගත්තොත් අද World Turtle Day එක හෙවත් ලෝක කැස්බෑ දිනය. කැස්බෑවා කියන්නේ මුහුදේ ඉන්න, ගොඩට ඇවිත් බිත්තර දාන සතුන් ජාතියක්. මාළු ඇල්ලීම සඳහා අහිතකර විනාශකාරී ක්‍රම භාවිතය, දඩයම් කිරීම, වාසස්ථාන විනාශ කිරීම, අභිජනනය කිරීමට සුදුසු ස්ථාන ක්‍රමයෙන් අඩු වීම වගේ හේතුන් නිසා ශීග්‍රයෙන් වඳ වී ගෙන යාමට ලක් වෙලා තියෙනවා.

ඒ නිසාම මෙයාල අනිවාර්යයෙන් සංරක්ෂණය කරන්න ඕනේ, ලංකාවෙත් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටලා තියෙනවා.

එහෙනම් අද වෙසක් දවස සතුටින් ගත කරන්න. බෞද්ධ කෙනෙක් නම් අනිවාර්යයෙන් ආගමික වැඩ කටයුතු කරන්න. පන්සල් යන්න, ඒ වගේම හැමෝම දන්සැල් වඳින්න යන්න,

ජය වේවා! තෙරුවන් සරණයි!