හිරු නැගීම – 05 :52
හිරු මුදුන් වීම – 12 : 05
හිරු බැසීම – 18 : 19
අද මැයි 18 වෙනිදා, සෙනසුරාදා.
සෑහෙන්න දිග රස්නේ කාලයක් ඉවර වෙලා දැන් ආයෙමත් වැස්ස කාලයක් පටන් අරන් තියෙන්නේ. මේ දවස් වල ලංකාවේ ගොඩක් පැතිවලට හොඳටම වැස්ස. හවස ඉතින් හොදට වැස්ස එක්ක, කළුවරේ, ලස්සනට සින්දුවක් අහලා රසනෙන් තේ, කෝපි කෝප්පයක් බොන්න අද හොඳම දවස නේද…. හිකිස්…
හෙටත් නිවාඩු නිසා අද හවස නිදහසේ ඉන්න පුළුවන් ටිකක්.
ඉතින් අද දවසේ විශේෂත්වය ගත්තොත් අද International Astronomy Day ඒ කියන්නේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ දිනය. අභ්යාවකායශය ගැන අපි දන්නා දේවල් වලට වඩා නොදන්නා දේවල් වැඩි. කෙටියෙන් කියනවා නම් 99.99999% ම තියෙන්නේ අපි නොදන්නා දේවල්. අභ්‍යාවකාශය කියන සිංහල වචනය හැදිලා තියෙන්නේ අභි අවකාශය කියන පද දෙක එකතු වෙලා.
අපි පුංචි කාලේ ඉඳන් ආසයි මේ හඳ තරු බලන්න. ඉතින් ඉර හඳ තරු මේ ඔක්කොම අභ්‍යාවකාශයට තමයි අයිති වෙන්නේ. අපි අහසේ පුංචියට පෙනෙන හැම දෙයකටම තරුවක් කිව්වට නිවී නිවී දැල්වෙන්නේ නැති, එක විදිහටම ආලෝකය තියෙන ඒවා ග්‍රහලෝක.
1973 දී උතුරු කැලිෆෝනියාවේ තාරකා විද්‍යා සංගමයේ එවකට සභාපති ඩග් බර්ග විසින් තමයි මේ දිනය පළමුවරට මෙහෙම දවසක් යෝජනා කරලා තියෙන්නේ. පස්සේ හැබැයි මෙයා නම් කරපු දිනය නම් සංශෝධනය වෙලා තියෙනවා. දැන් තියෙන්නේ අද වගේ මැයි 18 දවසේ.
අද World Whisky Day එකත් වෙනවා. ඔයාල දන්නවද විස්කි වල මුල් නම Uisce Beatha කියලා. Gaelic භාෂාවෙන් තමයි ඒ නම යොදලා තියෙන්නේ. පස්සේ කාලෙක ඒක Uisce/Uisge විදිහට කෙටි වෙලා ඊටත් පස්සේ තමයි දැන් තියෙන Whisky කියන නම හැදිලා තියෙන්නේ.
Whisky හදන්නෙත් ධාන්‍ය වලින්. ධාන්‍ය පැසවීමට ලක් කරලා තමයි හදන්නේ.
ලෝකයේ මිල අධිකම විස්කි වර්ගය විදිහට සැලකෙන්නේ Macallan ‘M’ Whisky.
අද International Museum Day හෙවත් ජාත්‍යන්තර කෞතුකාගාර දිනයත් වෙනවා. කෞතුකාගාරයක් කියන්නේ පරණ දේවල් ප්‍රදර්ශනය සඳහා තියාලා තියෙන තැන. ලෝකේ පුරා විවිධ විවිධ කෞතුකාගාර තියෙනවා. ලංකාවේ තියෙන ප්‍රධානම කෞතුකාගාරය තියෙන්නේ කොළඹ.
ඔන්න ගිහින් නැත්නම් නිවාඩුවක් දාල බලන්නම යන්න ඕනි තැනක් ඒ.
මන් හැමදාම ඔයාලට දවසේ විශේෂත්වය ගැන කියනවා නේ. ඒවා ලෝකේ පොදු විශේෂතා. ඒ වුණාට සමහර දවස් වලට අපේ ජිවිතේ තියෙන්නේ පුදුම වටිනාකමක්, විශේෂත්වයක්. සමහර විට අද දවස ඔයාගේ ජීවිතේ ලස්සනම අමතක කරන්න බැරි දවසක් වෙන්නත් පුළුවන්.
ඉතින් පුළුවන් විදිහට ඔයාගේ ලස්සන දවස්, ඔයා ආදරේ කරන අය එක්ක සමරන්න. ලොකු කේක් අනම් මනම් එක්ක නෙමෙයි, ඒ දවස් වල ලස්සන මතක එක්ක ආයේ ජීවත් වෙනවා වගේ දැනෙන්න, සමරන්න.!
ජීවිතේට වටින්නේ දේවල් නෙමෙයි, හැඟීම්!
තෙරුවන් සරණයි! ජය වේවා!

