ලංකාව තුළ ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීමේ පහසුකම්

රැකියා හෝ සංචාර සදහා මෙරට පැමිණෙන ඉන්දියානුවන්ට ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීමට අවශ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කර තිබෙනවා.

එම අවස්ථාවට එක් වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ එම ක්‍රියාවලියට අදාළ නියාමන හා මාර්ගෝපදේශ හඳුන්වා දීමට මහ බැංකුව පියවර ගන්නා බවයි.

ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව විසින් හදුන්වා දී ඇති ගෙවීම් පියවීම් සදහා වන ජංගම් යෙදවුමක් වන UPI හරහා බැංකු ගිණුම් අතර මුදල් හුවමාරු කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.